මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබීම සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර සිටී.
සමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කරමින් විභාගයට සූදානම් වීම සඳහා සිසු දරුවන්ට මාස 26ක කාලයක් හිමි විය යුතු වුවද, වත්මන් රජය විසින් එම කාලයෙන් මාස 6ක් උදුරා ගනිමින් මෙම විභාගය පැවැත්වීමට කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ‘ඩිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දැනටමත් අඩාල වී ඇති පසුබිමක, රජයේ මෙම තීරණය ඉතා අසංවේදී සහ අමනෝඥ ක්‍රියාවක් බව ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර, සිසු දරුවන්ට සාධාරණය ඉටු වන පරිදි අදාළ තීරණය වහාම හකුලා ගන්නා ලෙස දිලිත් ජයවීර මහතා බලකර සිටී.
















