රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව සර්වජන බලය පක්ෂය ඉදිරියේදී රටේ පාලන බලය අනිවාර්යයෙන්ම හිමි කර ගන්නා බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. ජනතාව අතරට පැමිණි අවස්ථාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය. දේශපාලන ක්ෂේත්‍රයේ නව වෙනසක් උදෙසා ජනතාව තුළ පවතින බලාපොරොත්තු තමා සහ තම පක්ෂය විසින් සාක්ෂාත් කර දෙන බවට ඔහු සහතික වෙයි. වර්තමාන දේශපාලන පරිසරය තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් ජයගෙන, රට නිවැරදි දිශාවකට ගෙන යා හැකි එකම දේශපාලන බලවේගය ලෙස සර්වජන බලය පක්ෂය ගොඩනගා ඇති බවත්, ජනතාවගේ පූර්ණ සහයෝගය මත ඒකාන්ත ජයග්‍රහණයක් කරා ගමන් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.














