ඩිමෝ (DIMO) සමාගම විසින් දිවයින පුරා විහිදී ඇති තම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ (Agri Machinery) වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද ‘DIMO Agri Machinery Prestige Awards 2025/26’ සම්මාන උළෙල මොනාක් ඉම්පීරියල් (Monarch Imperial) හිදී පසුගියදා පැවැත්විණි. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම සම්මාන උළෙලේදී වවුනියාවේ Kavin Motors හි ඒ. වික්නේෂ්වරන් මහතා අලෙවි අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබූ අතර, රඹෑව A.V.P. Motors හි එන්.පී.එල්. ගුණවර්ධන මහතා අමතර කොටස් අංශයේ සම්මානය හිමිකර ගත්තේය. එසේම, පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවක් සහ අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් වවුනියාවේ MF Tractor Works හි නඩරාජ් පුවනේෂ්වරන් මහතා සේවා අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාව ඩිමෝ සහ මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් (Mahindra Tractors) අතර පවතින වසර 35ක සාර්ථක හවුල්කාරීත්වය සැමරීමටද වේදිකාවක් වූ අතර, මෙරට කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය නංවාලීම සඳහා නවතම Mahindra OJA Tractor සහ LOVOL RG102 Pro Harvester යන්ත්‍ර මෙහිදී හඳුන්වා දෙන ලදී.













