ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින ගැටුම් සහ අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා පැවැති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වීම හමුවේ, මෙතෙක් අනුගමනය කළ ආරක්ෂාකාරී පිළිවෙත අතහැර පූර්ණ ප්‍රහාරාත්මකතත්ත්වයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජූනි 17 වනදා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ 60 දින කාලරාමුව අවසන් වුවද හෝර්මූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ. රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් පූර්ණ ලෙස අසාර්ථක වුවහොත් අමෙරිකානු නාවික වටලෑම බිඳහෙළීම සඳහා කාලෝචිත සහ ඉලක්කගත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට මෙන්ම හෝර්මූස් සමුද්‍ර සන්ධිය සහ සමස්ත කලාපය පුරා දැඩි හමුදාමය බලපෑම් එල්ල කිරීමට ඉරානය සූදානමින් සිටින බව අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.














