• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිලිටි ආණ්ඩුව අපේ නොකිලිටි අරමුණු එක්ක සෙල්ලම් කරන්න එපා – විපක්ෂනායක සජිත්

22 August 2022
in දේශීය

මේ රටේ ජනතාවත් මේ කඩා වැටුණු රට ගොඩනැගීමේ අරමුණ සමගි ජන බලවේගය ට ඇති නිසා,වර්තමාන ආණ්ඩුව කිලිටි ආණ්ඩුවක් වුවත්, නොකිලිටිඅරමුණින් සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ හොරණ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (21) පැවැත් වු අවස්ථාවට එක්වෙමිනි.

එවැනි නොකිලිටි අරමුණු සමඟ සෙල්ලම් නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂනායකවරයා මේ මොහොතේ කළ යුතු වන්නේ තනතුරු වෙනුවෙන් කුලල් එකා ගැනීම නොවන බව ද අවධාරණය කළේය. රාජපක්ෂ වන්දනාව එක් ගියානම් තමන්ට අගමැතිකමත්, ජනාධිපති කමක් ලබා ගැනීමට තිබූ බව පැවසූ හෙතෙම, මේ රටේ සමස්ත ජනතාව එක් වී ගෙදර යන්න කී රාජපක්ෂලාගෙන් තනතුරු ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද පැවසීය.

දින 52 දී තමන්ට අගමැති ධූරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සියල්ල එකහෙළා ප්‍රතික්ෂේප කළේ ශිෂ්ට සම්පන්න දේශපාලන සදාචාරයක් තමන්ට ඇති නිසා බව පැවසූ ඔහු ,එය අදත් එලෙසම පවතින බව ද පැවසීය.

දෙදහස් පහළොවේ ජන වරම හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසූ විපක්ෂ නායකවරයා එවර ජනවරම හිමි වූ පුද්ගලයාට ද්‍රෝහි වී අගමැතිකම ගන්නට තමන්ට අවශ්‍ය නොවූ බවද පැවසීය. එදා අගමැතිකම නොගැනීම නිවැරදි නම් අද මුළු රටම එපා යැයි කී පුද්ගලයාගෙන් ජනාධිපතිකම් අගමැතිකම් නොගැනීම ද නිවැරැදි විය යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 7
Previous Post

ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් -නාගරික සංවර්ධන අධිකාරිය

Next Post

ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved