• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

13 July 2023
in දේශීය

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් එයින් පවුල් ඒකක 887,653ක් (70%) “අස්වැසුම” ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් මෙසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙන බවද පැවසීය.

එසේම අස්වැසුම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලේඛනයට අදාළ විරෝධතා 62,368ක් ලැබී ඇති ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ආබාධිත, වකුගඩු රෝගී හෝ වැඩිහිටි ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ද නව වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අතර, එතෙක් එම පිරිසට දැනට ලබන ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සහ ඇතැම් වෘත්තීය සමිති මැදිහත්ව විවිධ බලපෑම් කළ ද එම බලපෑම් මඟින් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හෝ නුසුදුස්සන් තේරීමට නො හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මුදල් අමාත්‍යාංශය විසින් සමාජ සුබසාධක වැඩසටහන ඍජුම ක්‍රියාත්මක කරන අතර, ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ කටයුත්ත සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසූ අමාත්‍යවරයා දැනට සමෘද්ධි වැඩසටහන යටතේ ඇති අරමුදල් එම ව්‍යාපෘති සඳහා සුරක්ෂිතව යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ද පැවසීය.

 

Post Views: 36
Previous Post

රත්තොට ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වෙලා … මියන් ගැරඩින් ජල මාර්ගයේ

Next Post

ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට

editor

editor

Next Post

ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved