27 April 2024
#දේශීය

වැසි අඩුවී ඇතත් ආපදා සහන සේවා සූදානම දිගටම – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසිතත්වය පසුගිය දින කිහිපය හා සැසඳීමේදී අඩුවී ඇතත් ජනතාවට සහන සේවා සැලසීම සඳහා වන සූදානම නොවෙනස්ව පවත්වා ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික), සුදන්ත රණසිංහ මහතා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ වත්මන් කාලගුණික තත්වය සහ ආපදා සහන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සක්‍රියව පවත්නා නිරිතදිග මෝසම් තත්වය නිසා පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක් ආපදාවට ලක් වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *