27 April 2024
#දේශීය

ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳව සාකච්ඡාවක් ඇමැති ඩග්ලස්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා මාලදිවයින් තානාපති ඕමර් අබ්දුල් රෂාක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්ඡාවක් පසුගියදා මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

ධීවර කටයුතුවලදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින මුහුණ දෙන ගැටලු පිළිබඳවත් එම ප්‍රශ්න නිරාකරණය කල හැකි ආකාර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇත.

එහිදී විශේෂයෙන් ඉන්දියානු සාගරයෙන් ඔබ්බට රටවලින් පැමිණෙන විශාල ධීවර යාත්‍රා හේතුවෙන් ඉන්දීය සාගරයේ ධීවර සම්පත් රැගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය දැන ගැනීම සඳහා ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ධිවර අමාත්‍යංශය පවසයි.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාල කරුණ පිළිබඳව ශ්‍රී ලංකාවද සැලකිල්ලට් ගෙන ඇති බවත්, ඉන්දීය සාගර රටවල් අතර සාකච්ඡාවක් සංවිධානය කිරීමෙන් පොදු යාන්ත්‍රණයක් සකස් කල යුතු බවත් පැවසීය.

තවද, අදාල කරුණ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

එසේම, ධීවර හා මිරිදිය ධීවර කටයුතු වැනි ජලජීවී වගා කටයුතුවල අත්දැකීම් හා ශිල්පීය ක්‍රම දෙරට අතරේ හුවමාරු කර ගැනීම සහ පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *