27 April 2024
#ක්‍රීඩා

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන “හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය” ලබන 17 වනදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් 05 ක් තරගවදිනු ඇත.

 

තරගාවලිය සදහා එක්වන කණ්ඩායම් 05 වන්නේ ,

01. තංගල්ල ලා ටැංගෝලියන්ස්

02. බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය

03. අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය

04. හම්බන්තොට වයිට් ටයිගර්ස්

05. කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය

 

මෙම කණ්ඩායම් 05 තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනෙහි මාස එක හමාරක් කාලයක් මෙම තරගාවලිය පැවැත්වන අතර අවසන් මහා තරගය තංගල්ල මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී 2021.02.28 වන දින රාත්‍රී 6.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *