• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පහ රථවාහන තදබදය අවම කිරීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ජාවක්

27 January 2021
in දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින රථවාහන තදබදය අවමකිරීම, බියගම ප්‍රදේශයට අධිවේගයෙන් අන්තර් හුවමාරුවක් ලබා දීම, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල පවතින ගැටළු පිළිබද සාකච්ජාවක් ඊයේ (26) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වැලැක්වීම සදහා මේ වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් හා වෙනත් අදහස් හා යෝජනා මෙහිදී සාකච්ජාවට ලක් විය.

මීරිගම, කදාන, ජා ඇල, රාගම, කොච්චිකඩේ, පස්යාල, ගම්පහ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදයන්ට විසදුම් ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් විය.

අදාළ ගැටළු පවතින මාර්ගයන් මං තීරු හතරක් යටතේ පුළුල් කිරීම, මං සන්දි පුළුල් කිරීම, විකල්ප මාර්ග සංවර්ධනය කිරීම, ප්‍රධාන නගර මග මැර යා හැකි පරිදි අතුරු මාර්ග සංවර්ධනය යන යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබදවද සාකච්ජා කෙරිණි.

ඒ අනුව ගම්පහ මරිස්වත්ත මාර්ගය, ගම්පහ යක්කල මාර්ගය, නිට්ටඹුව වේයන්ගොඩ මාර්ගය, මීගමුව ගිරිඋල්ල මාර්ගය වයි හන්දිය දක්වා මං තීරු හතරක් යටතේ සංවර්ධනය කිරීම ඇතුළු හදුනාගත් මාර්ග පුළුල් කොට සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

බියගම ආයෝජන කලාපය ආයෝජකයින් දිරි ගැන්වීම හා ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සදහා අධිවේගයෙන් බියගමට අන්තර් හුවමාරුවක් ලබා දීම පිළිබදවද සාකච්ඡා කළේය. මේ වන විට එහි සැලසුම් අවසන් අදියරේ පවතින බව අදාළ නිලධාරීන් මෙහිදී පැවසීය.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන්හි පවතින ගැටළු හා වර්තමාන ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ජා කරනු ලැබීය. අදාළ මාර්ග ව්‍යාපෘතීන්හි ප්‍රමාදයන් හා ජනතාව අපහසුතාවයට පත්වීම් වලක්වාලමින් අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන මෙන් අදාළ අංශ වලට රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

එදිනම පැවති තවත් සාකච්ජාවකදී අධිවේගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදි කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේදී වත්තල ගලගහපිටිය ප්‍රදේශයේ පවුල් 24 ක් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේදී දීර්ඝ කාලයක් නොවිසිදුනු වන්දි, ඉඩම් හා ඔප්පු ලබා දීමේ ගැටළු කඩිනමින් විසදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා හර්ෂනී ගුනවර්ධන, හිටපු අමාත්‍ය ඩුලිප් විජේසේකර, හිටපු පළාත් සභා අමාත්‍ය රන්දීර් රොද්‍රිගු, මීගමුව නගරාධිපති දයාන් ලාන්සා, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල, මීරීගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි, ගම්පහ උප නගරාධිපති තිස්ස ගුනවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Post Views: 9
Previous Post

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

Next Post

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරයේ වැඩ කඩිනමින් ඇරඹීමට සූදානම් – කර්මාන්ත ඇමැති

editor

editor

Next Post

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරයේ වැඩ කඩිනමින් ඇරඹීමට සූදානම් - කර්මාන්ත ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved