• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධීව උපයා ගන්නා දේපල හා මුදල් රජය භාරයට ගැනීම් සම්බන්ධ සාකච්ඡාව අගමැති ප්‍රධානත්වයෙන්

15 September 2020
in දේශීය

නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල හා මුදල් රජය භාරයට ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපල රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදීම එම දේපල රජය භාරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

මුදල් විශුද්ධි කරන පනත සහ 2006 අංක 06 දරණ මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනයන් සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම පනත් අවශ්‍ය සංශෝධනයටන්ට ලක් කිරීම සහ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් විසින් කරුණු දක්වන ලදී.

ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් තීරණය විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ චනෝකා මොහොට්ටි, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

අවස්ථාවාදී දේශපාලනය නිසා ජනතාව තවමත් අවතැන් කඳවුරු වල බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Next Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වාර්තාව අගමැතිට භාර දෙයි

editor

editor

Next Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වාර්තාව අගමැතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved