27 April 2024
#දේශීය

මහරගම අපේක්ෂා රෝහලට බස් රථයක් පරිත්‍යාග කෙරේ

මහරගම අපේක්ෂා රෝහල සඳහා අශෝක් ලේලන්ඩ් සේවක සුභ සාධක සංගමය මගින් නවීන බස් රථයක් පරිත්‍යාග කිරීම අද (02) සිදු කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම පරිත්‍යාගය 306 සී 2 ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉල්ලීමක් හා මැදිහත් වීමක් මත මෙම බස් රථය අපේක්ෂා රෝහලට ලැබි තිබේ.

එම අවස්ථාවට එක් වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ගෝලීය කොවිඩ් වසංගතයට මුහුණ දී එය වඩාත් සාර්ථකව පාලනය කරන අතරතුර අනෙකුත් සියලු රෝගී සේවාවන් සඳහාද මෙරට සෞඛ්‍ය අංශය උපරිමයෙන් කැප වී සිටින බවයි.

එමෙන්ම කුමන අභියෝග හමුවේ වුවද පිළිකා ඇතුළු බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන අභියෝගයට මෙරට සෞඛ්‍ය සේවාව මේ මොහොතේද නිසි ලෙස මුහුණ දී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශේෂයෙන් පිළිකා වැනි රෝගී තත්වයන් කෙරෙහි දක්වන අවධානය මේ තත්ත්වය තුළ කිසි ලෙසකින් පසුපසට තැබිය නොහැකියැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. අසීරු තත්වයක් තුළ වුවද ඒ සඳහා දක්වන සැලකිල්ල අවධානය හා ප්‍රමුඛතාවය එලෙසින්ම පවත්වාගෙන යන බවද හෙතෙම කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ ,අශෝක් ලේලන්ඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උමේෂ් ගෞතම්, දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජයේ සිංහාධිපති රොෂාන් කාංචන යාපා, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *