27 April 2024
#සංවර්ධන

ගම්පොල නව අධිකරණ සංකීර්ණයට ඉදිකිරීමට මුල් ගල් තැබේ

රුපියල් මිලියන 60 වියදම් කරමින් ඉදිකිරීමට නියමිත ගම්පොල නව අධිකරණ සංකීර්ණයේ නීතිඥ කාර්යාල පද්ධතිය සඳහා මුල්ගල තැබීම ඊයේ සිදු විය.

ඒ,අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරාධනයට අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, ගම්පොල නීතිඥ සංගමයේ සභාපතිනි හිමාලි දෙහිගල යන මහත්ම මහත්මීන් හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිඥවරු, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුලු පිරිසක් එක්විය.

 

1972 වසරේදී නව අධිකරණ සංකීර්ණය ඉදිවෙමින් පවතින භූමිය වෙන් කර ඇති අතර 2015 වසරේදී මෙහි ඉඩම් අත්පත් කර ගැනීම සිදුකර තිබේ.

 

පසුව 2016 වසරේදී මුල්ගල තැබීමේ කටයුතු සිදුව ඇත. මෙම අධිකරණ සංකීර්ණ මහල් දෙකකින් සමන්විත අංග සම්පූර්ණ අධිකරණ සංකීර්ණයක් ලෙස වීමට කටයුතු සුදානම් කර ඇත.

 

තව ද දැල්පිටිය ප්‍රදේශයේ ඉදිවන විනිශ්චකාර නිල නිවස පිලිබඳවද නිරීක්ෂණ චාරිකාවක නිරතවු අතර ඉදිකිරීම පිළිබඳව ද දීර්ඝ සාකච්ඡාවක්ද පැවැත්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *