27 April 2024
#දේශීය

රාජකාරී නිසි ලෙස ඉටු නොකරන, බහුකාර්ය සේවකයින් ඉවතට – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

රාජකාරී නිසි ලෙස ඉටු නොකරන බවට නිරන්තරයෙන් වාර්තාවන ඇතැම් බහුකාර්ය සේවකයින් පළාත් රාජය සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන බවත්, ඔවුන් සදහා විකල්ප විසදුමක අවශ්‍යතාවය පවතින බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ, මධ්‍යම පළාතේ අමාත්‍යාංශ වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 20 වනදා පැවැති අවස්ථාවේදීය.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ , පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ, පළාත් මාර්ග අමාත්‍යාංශයේ සහ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහිදී සාකච්ඡා කිරීම සිදුවූ අතර, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, එකිනෙකාට ඇඟිලි දීක්කිරිමෙන් තොරව කටයතු කළයුතු බවත්, වියදම් කපා හැරීම පමණක් නොව නෙවේ ආදායම් උත්පාදන ක්‍රියාවලියක් ද ක්‍රියාවට නැංවිය යුතු බවත් පළාත් සභාවක් වශයෙන් ඒ සදහා විධිමත් වැඩසටහනක අවශ්‍යතාවය පවතින බවත්, පවතින අභියෝගකාරී ආර්ථික වතාවරණය හමුවේ වුවද දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ව පවතින බවත් ය. ජනධිපතිවරයාට රජයේ ආයතන වලට ලැබෙන ලිපි වලට කඩිනමින් පිළිතුරු සැපයීම පිලිබදවත් වියදම් කළමනාකරණය පිලිබදවත් චක්‍රලේඛ නිකුත් කරන්නට සිදුවන්නේ රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොවීම නිසා බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේය.

මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියේය.

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *