• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

17 February 2021
in දේශීය

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ දී පැවති ‘ඩිජිටල් පුස්තකාලය’ සහ එහි වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

දුරස්ථ අධ්‍යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපට ඉතා ම වැදගත් බවත් ඩිජිටල් පුස්තකාලය ද මේ සමඟ පැමිණීම අතිශයින් ම වැදගත් දෙයක් ලෙස තමා දකින බව අමාත්‍යවරයා පැවසිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ජීවිතයේ ඕනෑම ‍ඛේදවාචකයක් සම්බන්ධයෙන් අපි උත්සාහ දැරිය යුතුයි ඒවායෙහි ධනාත්මක ප්‍රවණතා සොයා ගන්නට. නමුත් කොවිඩ් 19 කියන්නේ එහෙම ධනාත්මක කියලා දෙයක් හොයාගන්න ඉතා ම අපහසු සහ අසීරු අර්බූදයක්. අපි වක්‍රාකාර ව හෝ ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කිරීම ඵලදායී කියා මා තදින් ම විශ්වාස කරනවා. අපි කිසිසේත් බලාපොරොත්තු නොවුණු අවස්ථාවක, බලාපොරොත්තු නොවුණු ආකාරයට පැමිණි කොවිඩ් 19 අර්බුදය හමුවේ ‘දූරස්ථ අධ්‍යාපනය’ අපි භාවිත කරන්නට පටන් ගත්තා. නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් අධ්‍යාපනය දරුවන්ට ලබා දීම අතිශයින් ම වැදගත් සහ ඵලදායී කියා අපි දන්නවා.
එසේ වුව ද මම අත්දැකීමෙන් දන්නවා පන්ති කාමරයක් තුළ ගුරවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධතාවයෙහි වටිනාකම. එම භෞතික සබඳතාව ඉතා ම වැදගත්. ඒ නිසා මේ දූරස්ථ අධ්‍යාපනය කිසිසේත් විකල්පයක් ලෙස අපි දකින‍්නේ නැහැ. නමුත් යම්කිසි අවස්ථාවක එවැනි භෞතික හමුවීමක් සිදුකළ නොහැකි අවස්ථාවක ඊට විකල්පයක් අනිවාර්යයෙන් ම තිබිය යුතු යි. දුරස්ථ අධ්‍යාපනය විවිධ අපහසුතා නිසා ලබා ගැනීමට සියලු දෙනාට එක ලෙස අවස්ථාවක් නොමැති බවත් අපි දන්නවා. නමුත් කොවිඩ් 19 නිසා දෙමාපියන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් දූරස්ථ අධ්‍යාපනය ගැන ඊට පෙර නොසිතනපු විදියට සිතන්නට පුරුදු කළා. අපේ විශ්වවිද්‍යාලවල, දූරස්ථ අධ්‍යාපන ක්‍රමය මේ දිනවල මුල්තැනක් අරගෙන තිබෙනවා. එය තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා ලොකු ආකල්පමය වෙනසක් අපි අධ්‍යාපනය, අධ්‍යාපන ව්‍යුහය ගැන සිතීම් ක්‍රමය විශාල වෙනසකට භාජනය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අධ්‍යයන කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම කරගෙන යනවා. නමුත් ඒක විකල්පයක් ලෙස කිසිසේත් මම දකින්නේ නැහැ. ඒක රුකුලක් පමණයි. ආයතන කීපයක් එකතු වෙලා සිදුකරන මෙම ‘ඩිජිටල් පුස්තකාලය’ ත් අද මේ තත්ත්වය තුළ අපේ සමාජයට විශේෂයෙන් ම අවශ්‍ය යි. දැනුමට ප්‍රවේශය ලබා ගැනීමට පුස්තකාලයට භෞතික ව නොගිහින් අන්තර්ජාලය හරහා පුස්තකාලයට ප්‍රවේශ වීමට මේ මඟින් අවස්තාව ලබා දෙනවා. නමුත් එහිදී ත් කොයිතරම් ඊ පොත් තිබුණත් භෞතික ව පොත සමඟ ඇතිවන බද්ධතාව ඉතා වැදගත්. පිටු පෙරළලා පොත බලමින් එම පිටු ඇඟිලි තුඩු ගැවෙමින් පොත සමඟ සම්බන්ධවීම තරම් ඊ පොත සාර්ථක නැහැ. ඒකට විද්‍යාත්මක හේතු තිබෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති සහ ‍උපකුලපති වශයෙන් කටයුතු කරද්දී ආසියානු සංගමය සමඟ පොත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කළා. දරුවන්ගේ කියවීම වර්ධනය කරන්නට අවස්ථාව ලබා දීමට. ඒ නිසා මේ පිළිබඳ මට අධ්‍යයනයක් තිබෙනවා. හැදෙන වැඩෙන දරුවාගේ මනස තුළ දැනුම සඳහා පිපාසයක් ඇති විය යුතු යි. ඒක තමයි සාර්ථක අධ්‍යාපන ක්‍රමයක අඩිතාලම. කියවීමයි – ලිවීමයි අතරේ ‍අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබෙනවා. අපේ ළමයි පොත් පිංචවල් 42000ක් ලිවුවා. ඒවයින් පොත් 100ක් තෝරලා ඒවා මුද්‍රණය කරලා ළමයින්ට ත්‍යාග සහ සහතික දීලා ඒ අය දිරිමත් කරන්නට කටයුතු කරනවා. අපේ රජය මේ වැඩපිළිවෙළ දියත් කළේ ම දරුවන් තුළ පොත් කියැවීම සහ ලිවීමේ පුරුද්ද වර්ධනය කිරීමට. මේ සියල්ලක් ම ආණ්ඩුවට තනිව ම කරන්න ලෙහෙසි නැහැ. මේ සම්බන්ධව මෙම ආයතන 04 අද්විතීය සේවයක් කරලා තිබෙනවා. ඊට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානමෙන් සිටින බැව් සඳහන් කරන්නට කැමතියි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා ජාතික පුස්තකාලයේ සභාපති සොනාල ගුණවර්ධන, ආසියානු සංගමයේ මෙරට නි‍යෝජිතවරිය වන දිනේෂා ද සිල්වා, ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. සුනිල්, ග්ලෝබල් ඇකඩමික් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සම්පත් අබේවික්‍රම ඇතුළු පිරිසක් ද එක් වූහ

 

Post Views: 11
Previous Post

ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න- සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි

editor

editor

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න- සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved