දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා (ග්‍රේග්ලි වතුයායේ නායගිය ස්ථානයේ) සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා පැමිණ ඇති බව ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත ක්‍රියාත්මක මෙම ස්ථායිකරණ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට 60% ක පමණ ප්‍රමාණයක් අවසන් වී ඇති අතර, අයහපත් කාලගුණය නිසා කළු ගල් ලබාගැනීමේ පවතින අපහසුතා හේතුවෙන් වැඩ කටයුතු අඩාල වී ඇත. කෙසේ වෙතත්, ඉදිරියේදී වියළි කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















