ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහර අද (25) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් පස්වරු 6.53 ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, හරස් වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතව ඇත.
















