ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදකයා වන DJI (SZ DJI Technology Co. Ltd.) සමාගම, භාණ්ඩ ප්‍රවාහනය සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද සිය ප්‍රථම දැවැන්ත ඩ්‍රෝන මාදිලි ද්විත්වය පසුගිය අප්‍රේල් 21 වනදා එළිදක්වන ලදී. මෙම ඩ්‍රෝන යන්ත්‍රවලට උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 200ක බරක් රැගෙන යාමේ හැකියාව පවතී.
සාම්ප්‍රදායිකව මිනිස් ශ්‍රමය භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම අපහසු, අවදානම් සහගත සහ පරිසරයට හානිකර වන දුෂ්කර කඳුකර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඩ්‍රෝන යන්ත්‍ර මහත් පිටුවහලක් වනු ඇත. වාණිජමය ඩ්‍රෝන ප්‍රවාහන වෙළඳපොළේ පවතින ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් DJI සමාගම මෙම නව නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබේ.
මෙමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සහ හදිසි සහන සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව ඉටු කර ගැනීමට මග පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.















