• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහරාන් මිය ගිය බව ඔහුගේ දියණියගේ DNA පරික්ෂාවෙන් තහවුරු වු බව පොලිසිය පවසයි

21 May 2019
in දේශීය

මිය ගිය තව්හිද් ජමාත් නායක සහරාන්ගේ හා ඔහුගේ දියණියගේ DNA පරීක්ෂණ වාර්තා අද (21) රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බවත් එම DNA සැසදීමේදී තව්හිද් ජමාත් නායක සහරාන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (21) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටල බෝම්බ ප්‍රහාරයට බෝම්බ දෙකක් රැගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් විසින් සිදුකර ඇති බවයි.

කොළඹ සිනමන්ඩ් හෝටලයේ පිපිරීම මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ය විසින් සිදුකල බවත් ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ ව්‍යාපාරික ඊබ්‍රාහිම් යන අයගේ පුතුන් දෙදෙනා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසියීය. මෙම මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගේ DNA ඔවුන්ගේ පියාගේ DNA සමඟ ගැළපී ඇති බව ද රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්තාකර ඇති බව ඔහු කියා සිටියේය.

ෂැංග්‍රිලා හෝටලයේ පිපීරිම් දෙකෙන් අනෙක් පිරිමි සිදුකල පුද්ගලයා මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් බව ඔහුගේ බිරිඳගේ හා දියණියගේ DNA සමඟ සැසඳි ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඒ අනුව මොහොමඩ් සහරාන් ජීවිතක්ෂයට පත්වු බවත් තහවුරුවි ඇති බව ඔහු පෙන්වා දුනී.

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන්ගේ හා ඔවුගේ ‍දෙමාපියන් සමඟ ද DNA ගැලපී තිබේ. කොච්චිකඩේ මරාගෙන මැරෙන ප්‍රහාරක අලව්දීන් අහමඩ් මුවාත්ගේ හා ඔහුගේ දෙමාපියන්ගේ DNA සමඟ ගැලපී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

දෙහිවල ටොපිකල් ඉන් ලැඟුම් හලේ බෝම්බ පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ DNA ඔහුගේ දරුවාගේ හා බිරිඳගේ DNA සමඟ සැසදී තිබේ. මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බකරු වු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත්ගේ මවගේ DNA සමඟ ගැලවී ඇත.

මේ අතර, කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයගේ DNA ද දරුවා හා බිරිඳ සමඟ ගැලපී තිබේ.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක තුළ පිපිරීමක් සිදු කර ගත් මොහොමඩ් ෆාතිමා ජිෆ්රිගේ ෂැංගිලා හෝටලයේ බෝම්බකරු වු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් නැමැත්ගේ බිරිඳ බවත් දෙමටගොඩ පිපිරීමෙන් ජිවිතක්ෂයට ළමයින් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවත් අද දින නිකුත් වු DNA වාර්තාවල සඳහන්ව ඇතැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ DNA ඔවුන්ගේ ඥාතීන් හා සැසදෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැනුම් දි තිබේ.

 

Post Views: 10
Previous Post

ජනාධීපති අපේක්ෂකයා වේලාවට ඉදිරිපත් කරන්නම් – ඇමැති මලික්

Next Post

අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ – ඇමැතිනි තලතා

editor

editor

Next Post

අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ - ඇමැතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved