27 April 2024
#දේශීය

ප්‍රමොද්‍ය දන්නා ක්‍රිකට් වංචා ගැන විධිමත් පරික්ෂණයක් කරන්න – ක්‍රිඩා ඇමැති රොෂාන්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දන්නා තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන මෙන් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත දැනුම් දී ඇත.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් 2023.11.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති අතර ඒ අනුව 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත දැනුම් දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *