27 April 2024
#දේශීය

පිරවුම්හල අසල කලබල ඇති කරන්න එපා.. – ඇමැති කාංචන

ඉන්ධන පිරවුම්හල අසල කලබල ඇති නොකරන ලෙසත් පාරවල් අවහිර නොකරන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (16) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ එවැනි කලබලකාරි දේ සිදු කිරීමෙන් බෙදාහැරීම තවදුරටත් ප්‍රමාද වන බවයි. එසේම ඉදිරි සති දෙක තුන ඇතුලත ඉන්ධන ලබා ගත හැකි සමාගම් සමඟ නිෂ්චිත පිළිතුරක් ලැබෙනු ඇති බව තමා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද විශ්වාස කරන බව ද හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් ඉන්ධන පිරිවුම්හල අසල දිගු පෝලිම් සිටිනු දකින්නට ඇති නමුත් සැබැවින්ම ඉන්ධන ලෝට් එකකින් වාහන 250 ට වැඩි ආසන්න සංඛ්‍යාවකට පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

ඇතැම් වෘත්තිකයින්, ආරක්ෂක අංශ වැනි ඇතැම් කේෂ්‍ත්‍රයන් ඉන්ධන අවශ්‍ය බව පැවසුවත් එවැනි කාණ්ඩ වෙනුවෙන් ඉන්ධන ලබා දීමට නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *