27 April 2024
#දේශීය

5 ශ්‍රේණි ශිෂ්‍යත්වයේ පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක‍්‍රමයට යොමු කිරීම

2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ යොමු කල හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකියාව පවතියි.

එහිදී පාසල් ඉල්ලූම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මාර්ගගත අභියාචනා අයදුම්පත් සම්පූර්ණ කිරීමට අදාල උපදෙස් පහත දැක්වෙන අතර 2022.06.15 සිට 2022.06.30 දක්වා කාළය තුළ ඊට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *