• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක හෝටල් වල විදුලි සැපයුම විසන්ධි කරන්න එපා – විදුලි ඇමැති

23 December 2020
in දේශීය

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගත සමගින් මෙරට මුහුණ පෑ ආර්ථික පසුබෑමෙන් හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් මුහුණදුන් පීඩනකාරී වාතාවරණය පිළිබදව සලකා බලමින්, අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලීය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මෙම උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මේ වසරේ (2020) හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමින්, 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක් ලබාදී තිබේ. අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමගින් අවස්ථාව ලබා දේ.

දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ආර්ථික අසීරුතා පිළිබදව සලකා බලමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

 

Post Views: 12
Previous Post

එක්වරක් භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතින් තහනම් කිරීමේ සුදානමක් – පරිසර ඇමැති

Next Post

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට පුළුල් මෙහෙයුමක් – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට පුළුල් මෙහෙයුමක් - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved