27 April 2024
#දේශීය

මාතලේ තරුණ තරුණියන්ට එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන්න එපා – නියෝජ්‍ය නගරාධිපති

මාතලේ මහ නගර සභා සිමාවේ වයස අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් 5770ක් සදහා එන්නත් ලබා දිමට සැලසුම් කර ඇති බවත් මේ වන විට එන්නත් ලබා ගෙන ඇත්තේ 2700ක් වැනි පිරිසක් බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විම සදහා වෛද්‍ය උපදෙස් අනුව මෙම එන්නත ලබා ගන්නා ලෙසත් ඇතැම් තරුණ පිරිස් මෙය ප්‍රතික්ෂේප කරන බවත් එසේ සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම පැවසිය.

නැවත මෙම එන්නත් ලබා දිම මේ මස 12 දින මාතලේ සාන්ත තෝමස් විදුහලේදි සිදු කරන බවත් එන්නත හැකි ඉක්මණින් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *