27 April 2024
#දේශීය

ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපහසුතාවකට පත් වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් මර්ධන කමිටුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,” රූපවාහිනිය බලලා ප්‍රවෘත්ති වල දකින දේ අනුව එන්නත්කරණ වැඩේට දේශපාලඥයෝ සම්බන්ධ වෙන එක ගැන විවේචනයක් අපිටත් තියෙනවා.අපිත් ඒවා අනුමත කරන්නේ නෑ.සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපි අපහසුතාවකට පත් වෙනවා. ආණ්ඩුව වියදනුත් කරලා සියලු දේ කරලා නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නවා.හරි අපරාධයක් ඒක.ඒවා අපි හෝ ජනාධිපතිතුමන් අනුමත කරන්නේ නෑ.ඒ නිසා සෞඛ්‍ය බළධාරීන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී සෞඛ්‍ය බළධාරීන් නායකත්වය ගන්න, වගකීම ගන්න.අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ඔබතුමන්ලාට දෙන්නම්.මේක තුවක්කුත් එක්ක කරන ගණුදෙනුවක් නෙමෙයිනේ.ඒ නිසා සෞඛ්‍ය අංශ වලට තමයි මෙහි වගකීම තියෙන්නේ.දේශපාලන අධිකාරිය විදිහට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්.ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලත් උදව් කරනවා මිසක් මේ වැඩේට මොනම හේතුවක් නිසාවත් වෙන කිසි දේකට මැදිහත් වෙන්න එපා.හරි නම් මේ එන්නත්කරණය කරන පැත්ත පලාතේ අපි නොයා ඉන්න ඔ්න.කිසි තේරුමක් නෑනේ, අපි ඉන්නේ පෝලීම් හදන්නයි,පෝලිම් වලින් පැනලා කට්ටිය දාන්නයි නෙමෙයිනේ.සෞඛ්‍ය අංශ තමයි තීරණය කරන්න ඔ්න මේ ගමේ මේ පුද්ගලයෝ අවධානම් කියලා ඒ අයට එන්නත්කරණය කරන්න යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *