27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව කොළඹ ඉඩම් චීනයට විකිණීමටත් සමාගමක් හදලා – මනුෂ නානායක්කාර

රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය ” රට ආරක්ෂා කරනවා, රටේ තියෙන සම්පත් ටික රැකගන්නවා කියලා ඇවිත් මේ රටේ තියෙන සම්පත් ටික විකුණලා තමන්ගේ මඩිය තරකරගැනීමේ ව්‍යාපාරයක යෙදිලා ඉන්නවා. දැන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තමයි විකුණාදැමීම සිදුකරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉඩම් සංවර්ධනය කරනවා නම් ශ‍්‍රී ලංකා රජයටම ආයෝජනය කරලා ඒවා සංවර්ධනය කරන්න පුලුවන්නේ. දැන් නාගරික සංවර්ධන අධිකාරිය මැදට දාලා වෙනත් අයට ඉඩම් විකිණීමට තමයි මේ උත්සාහ ගන්නේ. වෙනත් විදියකට කියනවා නම් චීන නගරයේ, චීන කොලනියේ, වරාය නගරය නම් චීන කොටසේ අනු ශාඛාවන් ලෙස මේවා චීනයටම දෙන්න තමයි සූදානම් වෙන්නේ. චීන වරාය නගරය, කොළඹ නගරය දක්වා ව්‍යාප්ත කිරීමේ සැලසුම තමයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ. පෝර්ට් සිටි පනත සම්මත කරගන්නවා එක්ක තමයි සෙලන්දිවා සමාගම එළියට එන්නේ. මේ සේරම එකකට එකක් සම්බන්ධ කාරණා. මේ සියල්ල චීනයට මේ රට ලියලා දීමේ තවත් කොටසක් විදියට තමයි අපි දකින්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *