27 April 2024
#දේශීය

කොවිඩ් මරණ ගැන බොරු නිව්ස් දාන්න එපා – සෞඛ්‍ය අමාත්‍යංශය

කොවිඩ් – 19 වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරිම සම්බන්ධව සමහර දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට පෙනී ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රභල දේශපාලන චරිත සම්බන්ධ කරගනිමින් සමහර වෙබි අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පල කරන බවයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන සියළු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටි

Leave a comment

Your email address will not be published. Required fields are marked *