27 April 2024
#දේශීය

ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගාන්න එපා – මනුෂ කියයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම ගැන වෙන කාටවත් ඇගිල්ල දිගු කර වැඩක් නොමැති බවත් එම අධිකාරියේ තියෙන්නේ වටිනා දත්ත පද්ධතියක් බවයි.

එසේම ලංකාවට ගෙන්වන ප‍්‍රාථමික බෙහෙත් පෙත්තේ ඉදලා සියලුම රෝග සදහා අවශ්‍ය, මිල අධික බෙහෙත දක්වා වන දත්ත තියෙන්නේ මෙම අධිකාරියේ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ දත්ත පද්ධතිය භාරදීලා තියෙන්නේ එපික් ලංකා කියන ආයතනයට බවත් හෙතෙම අනාවරණ කළේය.

එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කළේය “මේ දත්ත මකා දැමීමට විධායන දුන් පුද්ගලයා කවුද? මේ විධායනය දුන් පුද්ගලයා කවුරුන්ද කියලා අයි.පී. ලිපිනය හරහා සොයා ගන්න පුලුවන්. කොතැනින්ද පරිඝනයකට ඇතුළු වුනේ කියලා සොයා ගන්න පුලුවන්. කාගේ මුර පදයෙන්ද ඇතුළු වුනේ. මේ එකකටවත් උත්තර දෙන්නේ නැතිව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු සුදු හුණු ගාන්න, තමන්ගේ යාළු මිත‍්‍රයින් බේරා ගන්න උත්සාහ කරනවා. බෙහෙත් මාෆියාවට අවශ්‍ය කරන ආකාරයට කවුරුන් හෝ දත්ත පද්ධතිය මකා දැමූ විට ඒකට සුදු හුණු ගාන්න හදනවා. රටේ වැදගත් දත්ත පද්ධතිය ආරක්ෂා කරගැනිමට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් තිබුණේ නැද්ද? මෙසේ ඉවත් වන දත්ත බැකප් කරගැනීම සදහා ක‍්‍රමවේදයක් තිබුණේ නැද්ද කියන එක බරපතල ප‍්‍රශ්ණයක්. ජාතික ආරක්ෂාව රකිනවා කියලා ආණ්ඩුව ආවේ. ඒත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා තියෙනවා. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය‍.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *