27 April 2024
#දේශීය

පන්සල්වල සුර්ය බලයට ආධාර දෙනවාද? කිරිඇල්ල අසයි කාංචන නිහඩයි

පසුගියදා ආගමික ස්ථානවලට විදුලි බිල වැඩි කිරීමත් සමඟ පන්සල් සඳහා සුර්ය බල ව්‍යාපෘතිය ලබා ගැනීමට යම් ආධාරයක් ලබා දෙන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විදුලි අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් විමසා සිටියේය.

එහිදී කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා සිටියේ සෝභිත ස්වාමීන් විසින් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි බව පැවසු අවස්ථාවේදී කාංචන අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත පවා සිටියේ බිල ගෙවීමට නොහැකිනම් සුර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය පද්ධතිය සවි කර ගන්නා ලෙසයි.

ඒ අනුව කිරිඇල්ල මන්ත්‍රීවරයා අසා සිටියේ පන්සල් සඳහා සුර්ය බලය ලබා ගැනීමට අවශ්‍ය ආධාර මුදල් ලබා දෙන්නෙ ද යන්නයි.

නමුත් මෙම අවස්ථාවේදී කාංචන විජේසේකර අමාත්‍යවරයා කිසිදු පිළිතුරක් ලබා නොදි නිහඩව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *