දොඩන්ගොඩ, මග්ගෝන ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
අද (02) පස්වරුවේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඇති බවත්, පසුව එම ආයුධයෙන්ම ඔහු තමාගේ ගෙල කපාගෙන ඇති බවත්ය.
බරපතළ තුවාල ලැබූ සැමියා සහ බිරිඳ කළුතර, නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර දොඩන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















