• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොඳක් නම් අහන්නේ නෑ

2 July 2018
in දේශීය

අවුරුදු 3 ½ ක් මේ ආණ්ඩුව දැන් රට පාලනය කරන බවත් නමුත් ආණ්ඩුව සම්බන්ධයෙන් හොදක් නම් අහන්න නොලැබුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහකනදරාව මහා වාරී ව්‍යාපාරයේ වම් ඉවුර ඕ.ටී 25 බෙදුම් ඇළ නවීකරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. රුපියල් මිලියන 25 ක වියදමින් මෙම ඇළ වසර ගණනාකවකට පසුව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරෙන අතර මෙමගින් පුරන් කුඹුරු අක්කර ගණනාවක් වගා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ අවුරුදු 3 ½ ක් මේ ආණ්ඩුව දැන් රට පාලනය කරනවා. හැබැයි ආණ්ඩුව ගැන හොදක් නම් අහන්න ලැබෙන්නෙම නෑ.අපි හිටිය කලින් ආණ්ඩුවේ නම් අපි කරන කියන හැමදේම ජාතික රූපවාහිනියේ විනාඩි 20 ක් ප්‍රවෘත්ති යනවා නම් විනාඩි 15 ක් විතරම කිව්වේ ආණ්ඩුවේ වැඩ ගැන, හැබැයි දැන් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරවන යහපාලනය නිසා ජාතික රූපවාහිනියේ නිවුස් එකෙත් හැමෝටම අවස්ථාව දීලා තියෙනවා. ආණ්ඩුවේ වර්ණාව දිගටම කියන්නේ නැති වුණාම අහන් ඉන්න, බලන් ඉන්න අයටත් හිතෙනවා මේ ආණ්ඩුව මොකුත්ම කරන්නේ නැද්ද කියලා.මේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු වැඩ ගැන අපි ජනතාවට කියලා නෑ.ඇයි අපි මේ වැඩ හොරෙන් කරන්නේ, ඒ ගැන ජනතාවට කියන්න ඕනකම තියෙනවා මේ ආණ්ඩුවෙන් මෙච්චර වැඩක් ජනතාව වෙනුවෙන් කරනවා කියලා.

වැස්ස නැති නිසා බඩු මිල පොඩ්ඩක් වැඩි වුණත් ජනතාව බඩු මිළ වැඩියි කියලා ආණ්ඩුවටත් බණිනවා.හැබැයි ආණ්ඩුවෙන් කරන හොඳ වැඩ ගැන කථා කරන්න කවුරුත් නෑ,ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි දේශපාලනය පැත්තකින් තියමු.ඊළඟ ජනාධිපතිවරණයට තව අවුරුදු 1 ½ ක් විතරම තියෙනවා.පාර්ලිමේන්තු මැතිවරණයටත් අවුරුදු 1 ½ ට වැඩියෙන් තියෙනවා.පළාත් සභා මැතිවරණයත් අපි ඉතාම ඉක්මනින් තියන්න බලාපොරොත්තු වෙනවා මේ සීමා නිර්ණය අවසන් වූ වහාම.ඒ වෙනකං අපි මේ ආණ්ඩුව, තියෙන පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ හයිය අරගෙන අපේ ගම දියුණ කරන්න කටයුතු කළ යුතුයි යැයි පැවසීය.

 

Post Views: 8
Previous Post

මම මොකට ට්‍රම්ප්ව හම්බවෙන්නේ?

Next Post

දේශපාලන පළිගැනීම්වලට නීත්‍යානුකුල විසදුම්

editor

editor

Next Post

දේශපාලන පළිගැනීම්වලට නීත්‍යානුකුල විසදුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved