දැන් ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 345ක් වගේ ඉහළ මට්ටමකට ඇවිත් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට, අපේ සාමාන්‍ය ගෙදර දොරේ වියදමට මේකෙන් කෙලින්ම පහර වදිනවා. ඇයි මේ වෙන්නේ? සරලවම කිව්වොත්:
අපි ගොඩක් දේවල් – විශේෂයෙන් ඉන්ධන, ගෑස්, බෙහෙත් සහ කෑම බඩු පිටරටින් ගේන්නේ ඩොලර් දීලා. ඉතින් ඩොලරයේ මිල වැඩි වුනාම, ඒ බඩු ටික ලංකාවට ගේන්න යන වියදම ගොඩක් වැඩි වෙනවා. අන්තිමට ඒ වැඩි වුණු වියදම බඩු මිලට එකතු වෙලා තමයි ඔයාගේ අතට එන්නේ.
ඩොලරය නිසා ඉන්ධන මිල වැඩි වුණොත්, බස් ගාස්තු, විදුලි බිල සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම හැමදාම කන බොන දේවල්වල මිල ඉහළ යන එක නවත්වන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ලංකාවේ බඩු හදන අයටත් යන්ත්‍ර සූත්‍ර හෝ අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙලා තියෙන නිසා, ඒ බඩුවල මිලත් ඉහළ යනවා.
අමාත්‍යවරයා නම් කියන්නේ මේක ඉල්ලුම වැඩි වුණු නිසා වුණු හදිසි තත්ත්වයක් කියලයි. ඒත් ඇත්ත කතාව තමයි, ඩොලරය මෙහෙම ඉහළ යන එකෙන් අපේ සාමාන්‍ය ආදායමෙන් ගෙදර වියදම පිරිමහගන්න එක තව තවත් අමාරු වෙනවා කියන එක.














