ඉන්දීය රජයේ පූර්ණ ප්‍රදාන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ඉදිකෙරුණු 21 වන ආදර්ශ ගම්මානය වන පොළොන්නරුව “සුහද ගම” ආදර්ශ ගම්මානයේ නිවාස 24 ජනතා අයිතියට පත්කිරීම අද (සැප්තැම්බර් 04) සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ නිවාස, ඉදි කිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට කථානායක ජගත් වික්‍රමරත්න මහතා ද එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 600ක් වෙනුවෙන් නිවාස සපයාදීමේ මෙම ව්‍යාපෘතිය යටතේ එක් දිස්ත්‍රික්කයක නිවාස 24 බැගින් ඉදිකෙරේ. මෙම නිවාස ව්‍යාපෘතියේ සමස්ත වැඩකටයුතුවලින් 98.5%ක්ම මේ වන විට අවසන්ව ඇති අතර, ඉතිරි ආදර්ශ ගම්මාන 4 ද ඉදිරියේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.














