දොම්පේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.
මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව තියුණු ආයුධ සහ ජීව උණ්ඩ 20ක් ද පොලිස් භාරයට ගෙන ඇත. සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 12කට ආසන්න බව මූලික ගණනය කිරීම්වලදී අනාවරණය වී තිබේ.














