27 April 2024
#දේශීය

කලබල එපා.. නව ජනාධිපති 20 වනදා පත් කරනවා – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කල පරිදි අද (13) දින ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන බව දුරකතනයෙන් අමතා තමාට ප්‍රකාශ කල බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මිට පෙර සැලසුම් කල ආකාරයට එළැඹෙන 20 වනදා පාර්ලිමේන්තුවේ නව ජනාධිපතිවරයෙකු පත් කරන බව කථානායකවරයා පැවසිය.

එම හෙයින් කලබල ඇති නොකර සාමකාමිව කටයුතු කරන ලෙස කථානායකවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *