27 April 2024
#දේශීය

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි – පක්‍ෂ නායකයින් 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බව පක්ෂ නායකයින් තිරණය කර තිබේ.

අද (13) පස්වරුවේ කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුවේදි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත.

කතානායකවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසුව පාර්ලිමේන්තුව කැඳවා අභිනව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද සහභාගි වී ඇති අතර අරගලකරුවන් විවිධ ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
අරගලකරුවන් පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහිදී විමසා ඇති අතර ඒ සඳහා කිසි විටෙකත් ජීව උණ්ඩ යොදා නොගන්නා ලෙස මෙහිදී පක්ෂ නායකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *