අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථන ඇමතුමක් අතරතුර අතිශය උණුසුම් අයුරින් බැණ වැදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම දුරකථන සංවාදයේදී නෙතන්යාහුට “පිස්සු” ලෙස ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එය තහවුරු කළේය. “මම එහෙම කළා, මම තරහයි කියන්නේ නැහැ” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
මෙම සිදුවීම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, දෙරටේ රාජ්‍ය නායකයන් අතර පවතින සබඳතාවල පවතින ආතතිය මැනවින් විදහා දක්වන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.














