• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තායිවානයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාගයක්

28 August 2020
in සංවර්ධන

තායිවානයේ “Want Want Group” සංවිධානය ජලයේ විෂබීජ නාශණය සදහා යොදා ගන්නා සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර 06 ක් සහ විද්‍යුත් විච්ඡේදක බෝතල් 108 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

ලොව පුරා Covid-19 වෛරසය පැතිරීම හේතුවෙන් වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින වකවානුවක ආයතනික සමාජ වගකීම් භාර ගැනීමට සහ වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ගෝලීය පරිමාණයෙන් ආධාර සැපයීමට තායිවානයේ “Want Want Group” සංවිධානය කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ මැදිහත්වීම යටතේ “Want Want Group” සංවිධානය විසින් සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර (Hypochlorous Acid Water generators) 06 ක් සහ විද්‍යුත් විච්ඡේදක බෝතල් (electrolyte bottles) 108 ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත බාරදීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

“Want Want Group” සංවිධානයේ සභාපති ට්සයි එන්ග්-මෙං මහතාගෙන් ලද පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාර දෙන ලද්දේ මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා විසිනි.

ජලයේ විෂබීජ නාශණය සදහා යොදා ගන්නා සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර මෙරට ප්‍රධාන රෝහල් හයක් වන ජාතික බෝවන රෝග රෝහල, ජාතික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, කොළඹ නැගෙනහිර මහ රෝහල, ඉරණවිල නව රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වල ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

ජපානයේ කිටාසැටෝ විශ්ව විද්‍යාලයේ ජීවිත විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් වසර ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවලින් හෙළිව ඇත්තේ හයිපොක්ලෝරස් (Hypochlorous) අම්ලය (HCIO) ව්‍යාධිජනක බැක්ටීරියා වලට එරෙහිව අතිශයින්ම ඵලදායී ලෙස ක්‍රියා කරන බවයි. ජලයේ වන විෂබීජ නාශක සංඝටකය වන්නේ හයිපොක්ලෝරස් අම්ලය (HCIO) යි. තායිවානයේ “Want Want Group” සමාගම මෙම රසායනික සංයෝගයේ අද්විතීය ලක්ෂණය හඳුනාගෙන ජලයේ ඇති විෂබීජ හරණය කරන ද්‍රාවණය නිපදවීම සඳහා අවශ්‍ය උපකරණ ජපානයෙන් ආනයනය කිරීමට කටයුතු කොට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වර්තමානයේ කෝවිඩ් -19 පැතිරී යාම ඇතුළුව ස්වාභාවික ව්‍යසනයක් හෝ ගෝලීය වසංගත තතත්වයන් හමුවේ මෙම අත් සෝදන දියර සැපයීමට සංවිධානය කටයුතු කරනු ලබයි. මෙය කොවිඩ් -19 වෛරසයට එරෙහිව විෂබීජ නාශකයක් ලෙස ඔප්පු කර ඇති ක්ලෝරීන් පදනම් කරගත් විසඳුමකි.

මෙම රසායනික සංයෝගයේ pH අගය 5.0 සිට 6.5 දක්වා පරාසයක පවතින බවත්. සංයෝගය වර්ණ රහිත, ක්ලෝරීන් වල සුළු සුවඳක් ඇති, රසායනික අපද්‍රව්‍ය නොමැතිව දූෂණයෙන් තොර බව ද එම සංවිධානය පවසයි. ගන්ධය දුරු කරන ආරක්ෂිත ද්‍රවයක් වන අතර එය අතිශයින්ම ලාභදායී සහ පහසු බවත්, මෙම රසායනික සංයෝගය නල ජලය සදහා එක් කළ හැකි බවත්, මිල අධික අත් සේදුම් සනීපාරක්ෂක දියර වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි බව ද පෙන්වා දෙයි. එමෙන්ම පුළුල් පරාසයක වස්තූන් මත මෙන්ම සමස්තයක් ලෙස විවිධ පාරිසරික සැකසුම් මත යෙදිය හැකි වීම ද විශේෂත්වයකි. මෙම ක්‍රමවේදය Water Guard ලෙස ද හදුන්වයි.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.ඡේ කරුණාතිලක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Post Views: 8
Previous Post

කිලිනොච්චියේ රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට ඉඩම් බලපත්‍ර ලබා දෙනවා – ඇමැති ඩග්ලස්

Next Post

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි – ඇමැති නිමල් කියයි

editor

editor

Next Post

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි - ඇමැති නිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved