• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවටයෝ වගේ වාද විවාදවලින් පැනලා යන්න එපා අපි ඕනෑම වාද විවාදයකට සූදානම් – විපක්ෂනායක සජිත්

12 April 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

ලෝකයේ පවතින සීමිත සම්පත් රටේ නායකයාගේ දක්ෂකමින් අප රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එහි දී වාද විවාද, තර්ක විතර්ක කළ යුතු බවත් යෝජනා, දැක්ම හා වැඩපිළිවෙළ ඉදිරිපත් නොකර එවැනි සම්පත් ලබා ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පචසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 154 වැනි අදියර යටතේ අද මොණරාගල වැල්ලවාය තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ජාත්‍යන්තර ප්‍රජාවේ නායකයෝ හමුවන විට තනි තනි හමුවීම් පවා තිබෙන බවත් එහි දී භාෂා හැකියාව නොමැති නම් කිසිදු දෙයක් සිදු කළ නොහැකි බවත් එවැනි හැකියාවක් නොමැති අයට රටේ නායකත්වය ලබා දීම යනු නැවතත් කබලෙන් ලිපට වැටෙනවා වැනි දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රටට සත්‍ය හෙළිදරව් කළ හැකි නිවැරදි දර්ශනයක්, ගමනක් සහිත මෙන් ම එම ගමන දැනටමත් වැඩපිළිවෙළකට පරිවර්තනය කර මෙරට ක්‍රියාත්මක කර ඇත්තේ කවුද කියා වාද විවාද කිරීමට තමා ඕනෑ ම වෙලාවක සූදානම් බවත් මෙවැනි වාද විවාදවලින් පැන නොයන ලෙසට විප්ලවකාරී නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ආර්ථිකය අර්බුධය ගැන තමාගේ කණ්ඩායම මෙන් ම ප්‍රතිවාදී කණ්ඩායම් ද එකට ගෙන්වා විවාදයක් සිදු කරන විට නිවටයෝ ලෙස විවාදවලින් පළා නොයන ලෙසත් ප්‍රේමදාස මහතා පැවසීය.

තනිතනිව වාද විවාද කරන්න බැරි වෙන විට එම වාද විවාදවලට රනිල් වික්‍රමසිංහත් ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂිකාවන් කියන බවත් මෙවැනි කතා නොකියා කොන්ද කෙළින් තියන් වැඩ කරන ලෙසත් කට වගේම වැඩත් තිබිය යුතු බවත් මේ හැම වාදයකටම පස්සේ රටට වැඩ කරන නායකයා කවුද? හා කයිය සපයන නායකයා කවුද? කියා ජනතාව තීන්දු කරන බව හෙතෙම පැවසීය.

2019 බොහෝ දෙනෙක් රැවටුණු බවත් සේවාව, හරය, සංවර්ධනය අමතක කර චාටු නිසා මංමුලා වූ බවත් මේ වසරේත් එවැනිම චාටුකාරයෝ, බොරු කාරයෝ ටිකක් ජනතාව රවටමින් සිටින බවත් ඔවුන්ට අඳින ඇදුමේ සිට බඳ පටිය දක්වා හැමදෙයක්ම දී ඇත්තේ මිතුරන් දුන් බව කියමින් ඉහළම සන්නාමවල ඇඳුම් පළදින බවත් මොවුන් මිනිසුන්ට යමක් දෙය අය නොව මිනිසුන්ගෙන් යමක් ගන්නා අය බවත් එසේ අනුන්ගෙන් දේවල් ගනිමින් තමා රට වටේ බෙදනවා කියා බනින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදමින් රටක් හදන්න පුළුවන් ද කියා සමාජවාදීන් ප්‍රශ්න කළත් රටෙන් හරි අඩක් දුප්පත් නම් බෙදන්න සිදුවන බවත් පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම් නිෂ්පාදනය හා අපනයනය යන ක්‍රියාදායමන් සවිබල ගැන්වීමේ දී යම් සීමාසහිත කාලයක බෙදීමට සිදුවන බවත් තමා ද සදාකාලික බෙදිලි අනුමත නොකරණ බවත් මෙවැනි තත්ත්වයක් මත ඔවුන් ලැජ්ජා නැතිව අනුන්ගෙන් දේවල් අරගෙන බෙදන එක නරකයි කියන්නේ කොහොමද කියා තමා ප්‍රශ්න කර බවත් අනුන්ගෙන් කා අනුන්ගෙන් ෂර්ට් කලිසම් අරගෙන බංකොලොත් රටක් සවිබල ගැන්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

කවුරු මොන කතා කිව්වත් තමා මේ සිදු කරන්න බෙදිල්ල ගැන අතිශය සතුටු වන බවත් එම බෙදිල්ල තුළින් අධ්‍යාපනයේ ඇති ඇති හැකි නැති බැරි වෙනස තුරන් වන බවත් තමාගේ අරමුණ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර එය නවීන ලෝකයට ගැලපෙන සුහුරු අධ්‍යාපනයක් රට තුළ ඇති කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙවැනි සංකල්ප යථාර්ථයක් කරන්න යන විට දේශප්‍රේමීත්වයේ නාමයෙන් විජාතික බලවේග පරදවමු කියා ජනතාවත් දෙමාපියනුත් දරුවනුත් පාරට බැස්සවිය හැකි බවත් එවැනි කුමන පෙළපාලි ගියත් තමා බිය නොවන බවත් එවැනි පෙළපාලිවලින් 41 ලක්ෂයක් දරුවන් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ නොඑන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ පාසල් 10126ට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දීමෙන් පසුව බවත් ය.

එමෙන්ම රජය සියලුම පාසල් දරුවන්ට පාසල් දිවා ආහාරය ලබා නොදෙන බවත් එක කොටසකට පමණක් බෙදා දිවා ආහාරය ලබා දීම වැනි නිර්ලජ්ජිත ක්‍රියා සිදු කළ නොහැකි බවත් මනුෂ්‍යත්වය, මානව දයාවෙන් හා කරුණාවෙන් හෙබි රාජ්‍ය පාලනයක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

නව තාක්ෂණය ගැන දරුවන් දැනුවත් නොමැති වීම දරුවන්ගේ වරද නොව දේශපාලනඥයන්ගේ සහ දේශපාලනඥයෝ පත් කරන වැඩිහිටියන්ගේ වරදක් බවත් රට බංකොලොත් වී ඇතත් තවමත් ඉදිරි ගමනක් ගැන පැහැදිලි සැකැස්මක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දරුවන්ට යමක් ලබා දෙන විට එය කුහක අයුරින් විවේචනය නොකරන ලෙසත් එසේ විවේචනය කරන අයට බෙදන්න නොතේරුනත් අනුන්ගෙන් ගන්න නම් දන්නා බවත් ය.

අනුන්ගෙන් යැපෙන අන්ත කොමියුනිස්ට්වාදී සමාජවාදී නායකයන්ට කියන්න ඇත්තේ තමාගේ මේ බෙදිල්ලේ පරම අරමුණ සමාජ සාධාරණත්වය සමානාත්මතාව ගොඩ නැගීම බවත් එමඟින් අධ්‍යාපනයේ ඇති අසාධාරණය තුරන් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනුන්ගෙන් යැපෙන මේ අන්ත කොමියුනිස්ට්වාදීන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාවලට වුවත් රටේ අනෙකුත් දරුවන්ට එම අධ්‍යාපනය අකැප බවත් තමන්ගේ වියදමින් ඇඳුමක්වත් නොගන්නා මොවුන් තමන්ගේ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය ලබා දී නිදහස් අධ්‍යාපනය අනතුරේ වහා පාරට බහින ලෙස විහිලු කතා කියමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට දින දෙක තුනක් තියා බොහෝ දේශපාලනඥයෝ විදේශ ගත වීම වුවත් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය එම සාම්ප්‍රදායික දේශපාලනය බැහැර කර ගතානුගතික සම්ප්‍රදාය බැහැර කර අලුත් අවුරුදු සමයේ පවා රජයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට තීරණය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දිනක ජාත්‍යන්තර වන ජීවී දිනය සමරමින් අඩු පහසුකමින් වැඩි සේවාවක් කරන වන ජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දරුවන්ට ලැප්ටොප් යන්ත්‍ර ලබා දුන් බවත් ඒ අනුව අදත් එවැනි වනජිවී නිලධාරියකුගේ දරුවකුටත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 154ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1678ක් වැය කර තිබේ.

Post Views: 8,493
Previous Post

කොළඹ ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක්

Next Post

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved