බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණය කර වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා එම වැඩසටහනේ මැදිහත්වීම මත ‘Akbar Brothers’ ආයතනයේ අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟතාව පළ වී තිබේ.
ප්‍රදේශයේ ජනතාව 12,000කට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවා සපයන මෙම රෝහල මේ වනවිට අබලන් හා දිරාපත් තත්ත්වයක පවතින බැවින්, එහි ගොඩනැගිලි, පහසුකම් සහ පරිසරය නවීකරණය කර ජනතාවට වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
සංවර්ධන කටයුතු මේ වසර තුළදීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් සිදු කිරීමටද එහිදී තීරණය කර තිබේ.
ජනතාවගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව තුළින් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණු සමඟ සම්බන්ධ වන බවද සඳහන් වේ.















