• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍ය අමල් කොවිඩ් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයේ රාජකාරි අරඹයි

4 December 2020
in දේශීය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දින (04) සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද එක්ව සිටියාය.

සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ සේවය කරන ලදි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත. පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස ද ඒ මහතා සේවය කර ඇත.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

ස්විට්සර්ලන්ත තානාපති අධිකරණ ඇමැති හමුවෙයි

Next Post

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට නව පාසල්වලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

editor

editor

Next Post

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට නව පාසල්වලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved