27 April 2024
#දේශීය

ගවයින්ගේ ඇගේ ගැටී මෝටර් රථයේ  රියදුරු මරුට

හොරොව්පතාන, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රී‌යේදී මෝටර් රථයක් අනතුරට පත් වීමෙන් තරුණයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසිය.

එම මෝටර් රථය කැබිතිගොල්ලෑව දෙස සිට හොරොව්පතාන දෙසට ධාවනය වු අවස්ථාවේදී මාර්ගයේ සිටි ගවයින් දෙනෙකුගේ සහ බෝක්කුවක ගැටී අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු මෝටර් රථයේ රියදුරු හා මගින් දෙදෙනා හොරොව්පතාන රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරු මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වු මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හොරොව්පතාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරින් තුවාල ලැබු අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. අනතුර සම්බන්ධයෙන් හොරොව්පතාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *