පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ඇති කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක කුඹුරු අක්කර 8,000කට අධික ප්‍රමාණයක් නියඟය නිසා හානියට පත්ව ඇතැයි එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කරයි. හානියට පත් කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීම සඳහා නිලධාරීන් මේ වනවිට ක්ෂේත්‍ර මට්ටමින් කටයුතු කරමින් සිටින අතර, ගොවීන්ට ලබාදෙන හානිපූරණ වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.














