දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතව සිටි, පරිවාස කාලය නිසි ලෙස සම්පූර්ණ නොකළ සේවකයන් 150 දෙනකු එකවර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් දුම්රිය සේවා නිසි පරිදි පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් මතුවී ඇති බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් මහතා පවසා ඇත්තේ, 2014 වසරේදී ආදේශක කම්කරුවන් ලෙස බඳවාගෙන පසුව 2019 වසරේදී වසර තුනක පරිවාස කාලයකට යටත්ව ස්ථිර කළ මෙම සේවකයන් පිරිස, කාර්මික හා ඉලෙක්ට්‍රික්කරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සේවය කළ පළපුරුදු ශ්‍රමිකයන් පිරිසක් බවයි. වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන්ට සේවා දිගු ලබාදෙන පසුබිමක මෙგොඩින් පළපුරුදු සේවකයන් 150 දෙනෙකු එකවර ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දී ඇති ඒ මහතා, මෙම පිරිස සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවද සඳහන් කර තිබේ.














