මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 4,750 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන විශේෂ වැටලීම් සහ පරීක්ෂාවන් මගින් මෙම පිරිස හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම මාර්ග ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.













