ශ්‍රී ලංකාවේ සේවය නිම කර සිය ධුරයෙන් නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා පසුගිය දිනක අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
මෙම හමුවේදී ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක්විය. එමෙන්ම, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඒ මහතා දැක්වූ දායකත්වය පිළිබඳවද ඇය සිය ස්තූතිය පළ කළාය.
නේපාලය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට එකඟතාව පළ විය.














