මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහන තුනක් සම්බන්ධයෙන් ක්‍රියාවිරහිත කිරීමේ (තහනම් කිරීමේ) නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) නිකුත් කරන ලදී.
අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර මෙම වත්කම් උපයා ඇති බවට තහවුරු වී ඇත. එම විමර්ශනවලදී සැකකාරියගේ සහ ඇගේ සමීපතමයෙකුගේ නමින් මිලදී ගත් රුපියල් ලක්ෂ 20ක් වටිනා ත්‍රීරෝද රථ දෙකක් සහ සැකකාරියගේ පුත්‍රයාගේ නමින් මිලදී ගත් රුපියල් ලක්ෂ 30ක් වටිනා බස් රථයක් හඳුනාගෙන ඇත.
මෙම වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, ලබන 14 වැනිදා දක්වා එම වාහන ක්‍රියාවිරහිත කර තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.














