පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 13කට වඩා වටිනා නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පියවර ගෙන තිබේ. ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන මත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඊයේ (07) සිට දින 14ක් සඳහා මෙම දේපළ ක්‍රියා විරහිත කිරීම සිදුකර ඇත.
ඒ අනුව, ඇඹිලිපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 7ක් පමණ වටිනා අක්කර එකයි රූඩ් දෙකක ඉඩම සහ තෙමහල් නිවස මෙන්ම ඇඹිලිපිටිය බිම්බදු යාය නව නගරයේ පිහිටි රුපියල් කෝටි 6ක් වටිනා පර්චස් 23.7ක ඉඩම සහ තෙමහල් නිවස මෙලෙස මු්‍ර්චා කර තිබේ.














