27 April 2024
#දේශීය

ද්විත්ව පුරවැසිභාවය මට ප්‍රශ්නයක් නොවෙයි – ධිවර ඇමැති ඩග්ලස්

ද්විත්ව පුරවැසිභාවය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත් එම නිසා ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය .29 දින කිරින්දේ සිට දකුණු ප්‍රදේශයේ පවතින්නාවූ ධීවර වරායන්වල ප්‍රශ්න විසඳීමට යෙදුණු සංචාරයකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී කිරින්ද ධීවර වරායට බරපතළ ලෙස බලපාන වැලිකඳු ඉවත් කිරීම මසක් ඇතුලත අවසාන කරන බව අමාත්‍යවරයා පැවසිය.

ඒ පිළිබඳව ගත යුතු නිසි පියවරයන් ගැනීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලූ ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යධිකාරී මුදලිගේ මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *