27 April 2024
#දේශීය

මීළඟ මැතිවරණයට අපි ඡන්දය කටුගානවා – මිහින්තලා රාජමහා විහාරාධිපති

මීළඟ මැතිවරණයන් එනකොට ඡන්දය කටුගාන බවත් වර්තමානයේ රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලය ප්‍රදේශයේ පැවැති කඨින පුජෝත්සවයට එක්වෙමිනි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම මේ වන විට ශ්‍රී ලංකාව දුප්පත් රාජ්‍යයක් බවට ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය.

එසේම ඒ කාලයේ මේක සංවර්ධනය වෙමින් පවතින රටක් බව නමුත් 75 වෙනි අභිමානය සමරන්න යන්නේ දුප්පත් රටක් විදිහට බව උන්වහන්සේ අනාවරණ කලේය.

ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ ආවට මේ කිසි කෙනෙක් ඡන්දය නොදෙන බවත් ඒ වගේම ඡන්ද කොමසාරිස්වරයාට කියනවා මීළඟ මැතිවරණයන් එනකොට අපි ඡන්දය කටුගාන බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *